ඊයේ (20) දිනයේ පැවැති එක්සත් ජාතික පක්ෂ සංවත්සර රැස්විමේදී තම පක්ෂයට මදිපුංචිකම් සිදු වූ බව පවසා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි විරෝධය පළ කරමින් පිටව ගොස් තිබේ.
මොන දුකක්ද මහත්තයෝ මේ. මේ පක්ෂ මොනවද? තලතා අතුකෝරලට මගෙ නම මතක නෑ. මුන්ට පිස්සු. එක්සත් ජාතික පක්ෂය විසින් මට ආරාධනා කළා. ඒ නිසා මම ආවා. අපි ඔහේ පුටුවක වාඩි කරලා තිබ්බා. ජන සෙත පෙරමුණේ නමවත් කිව්වෙ නෑ.
ඒ කියන්නෙ ඒ ගොල්ලන්ට අපේ පක්ෂය පක්ෂයක් නෙවෙයි. අපේ සහයෝගය දෙන්නෑ.
කියමින් සීලරතන හිමියෝ බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් වෙතින් පිටට වැඩියෝය.