/ Oct 19, 2025

පොහොට්ටු හිටපු මන්ත්‍රී මනම්පේරිගේ රන් පැහැ ආයුධ කොටු වේ!

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිට අයත් යැයි සැක කරන, රන් පැහැති මැගසින් දෙකක් ද ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියෙන් සොයාගෙන තිබේ.

09mm පිස්තෝලයක්, T-56 මැගසින් දෙකක්, උණ්ඩ 115ක් සහ අත්බෝම්බයක් ඇතුළු මෙම ආයුධ තොගය මිද්දෙණියේ ඉඩම් කැබැල්ලක වළ දමා තිබියදී සොයාගෙන ඇත.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම රසායනික ද්‍රව්‍ය ද මෑතකදී මිද්දෙණියෙන් සොයාගෙන තිබුණි.

පසුගිය සතියේ (17) සම්පත් මනම්පේරි වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top