/ Oct 19, 2025

හිමිනමකගේ බැංකු ගිණුමෙන් කෝටි දෙකක් ඇදලා: සැකකරුවෝ මාට්ටු!

පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙකෝටි අටලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇළ, මිනුවන්ගොඩ සහ ඒකල යන ප්‍රදේශවල පදිංචි 33-46ත් අතර වියේ පසුවන පුද්ගලයින් සිව්දෙනෙකි.

මෙම හිමියන් විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක සිය බැංකු ගිණුම පවත්වාගෙන යමින් තිබූ අතර මීට කලකට පෙර හැඳුනුම්පත අස්ථාන ගතවී තිබේ. මෙම සැකකරුවන් විසින් එම බැංකුවේම වෙනත් බැංකු ශාඛාවකින් අවස්ථා කිහිපයකදී උන්වහන්සේගේ ගිණුමෙන් මුදල් සිය ගිණුම් වෙත මාරු කරගෙන පසුව මුදල් ලබා ගෙන ඇති බවත් පොලීසිය පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top