දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ (24) දිනයේ දී පුද්ගලයින් 1,006ක් සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අපරාධ සමබන්ධ සැකකරුවන්ද මෙලෙස පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (24) දිනයේ වාර්තාව පහත දැක්වේ.
පරීක්ෂා කල පුද්ගලයින් ගණන – 28,669
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 1,006
අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 31
අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන – 378
අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන – 223
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් – 63
අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් – 20
රථවාහන වෙනත් වැරදි – 4364