/ Jan 24, 2026

මනූෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

MANUSHA NANAYAKKARA

2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ඇමැතිවරයාව කැඳවා ඇතැයි පැවසේ.

විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කිරීමේ චෝදනා රැසක් නිසාවෙන් හිටපු ඇමැතිවරයාගේ සොයුරා වන තිසර නානායක්කාරද මෙයට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top