මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ ඇතුළු ඔහු අධ්‍යක්ෂ ධුරයක් දරණ ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කරනු ලැබීය.
නීති ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක නඩුකරයක් වන මෙය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 52624/23 යටතේ ගොනුකර තිබේ. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩි මිලට ඖෂධ 11 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් ආසිරි රෝහලෙන් සේවා ලබාගත් නුගේගොඩ පදිංචි සනත් අතුකෝරල විසිනි.
නඩුවේ විත්තිකරුවන් ලෙස අදාළ රෝහල සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන විශාල් බාලි, අශෝක පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න, සුදර්ශන් අහංගම, ගාර්දිය ලොකුගේ, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ ඩී. බී. සඳතිසරු යන අය නම් කර තිබුණද උක්ත අධ්‍යක්ෂවරුන් 8 දෙනා කිසිදු අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.
එසේ ම මෙම නඩුකරය විමසූ විනිසුරුවරිය රාජකාරි නිවාඩු ගෙන තිබු අවස්ථාවක වැඩබලන විනිසුරුවරියක් මගින් එය කැඳවා, පැමිණිලි පාර්ශ්වයේ කිසිවෙකුත් නොමැතිව නඩුව සමථයකට පත් කරගැනීමක් සම්බන්ධයෙන් සහ උසාවි ලේඛන කුරුටු ගෑමක් සම්බන්ධයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති වූවකි.
කෙසේ වෙතත්, ඊයේ (25) අධිකරණය විසින්, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත්, පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් ද නීතියට එරෙහිව උඩින් නැති බවත් අවධාරණය කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
Pingback: වැඩි මිලට බෙහෙත් අලෙවි කළ නඩුව: අශෝක් පතිරගේලාට ඇප! - lankatimes
බලය නීතිය ලෙස සලකණ ආකල්ප තියන සමාජයක හැසිරීම වෙනස්කළ හැක්කේ එඩිතර අවන්ක විනිසුරුවන්ට පමණි. ඒ වගේම සමහර නීතිය උගත් දුෂිත අයගේ ක්‍රියා කලාපය නිසා මහ ජනතාව බොහෝ අවස්ථාවලදී පීඩාවට පත්වනබව නොරහසකි. මමත් එසේ පිඩාවට ලක්වුවෙකි. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමේ නියෝග ඉතා ගව්රවයෙන් අගය කරන්නෙමු .
Law, Economy, Politics, Religions and Culture etc..