/ Jan 24, 2026

ඉන්ධන මිල අඩු වේ!

ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි. 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 335ක් වෙයි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 180කි.

පෙට්‍රල්  ඔක්ටේන් 92 සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මිල ගණන් පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top