/ Jun 09, 2026

රත්තරං ගණන් උස්සයි!

මෙරට රත්රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග පෙන්වා දේ.

අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top