/ Nov 13, 2025

කොස්තාපල් වෙනුවෙන් පෙනී සිටි තාරක නීතීඥ කමිටුවෙන් ඉවතට

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේදී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි මාතර නීතීඥ සංගමේ සාමාජික හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු වන තාරක නානායක්කාර එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

අධිකරණ භූමියේ ඇති වූ ගැටුම හේතුවෙන් නීතීඥ පාර්ශවය වෙනුවෙන් පෙනී නොසිට පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් නීතීඥවරුන්ගේ දැඩි විරෝධයට ලක් වීමට නීතීඥ තාරක නානායක්කාර හට සිදු විය.එමෙන්ම නීතීඥ සංගමේ විධායක කමිටුවෙන් හා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ මෙය තම පෞද්ගලික තීරණයක් බවත් තමා තවමත් නීතීඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වී නොමැති බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top