/ Nov 13, 2025

අපරාධ කරලා උපයන දේට වෙන්න යන දේ

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) පෙරවරුවේ විවෘත කර ඇති බව වාර්තා වෙයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ ‍කරන ලද අතර මෙම කොට්ඨාශය හරහා නීති විරෝධීව උපයා ගත් මුදල්, දේපළ සහ වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම සිදු කිරීමට නියමිතයි.

2025අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව පිහිටුවා ඇති මෙම නව කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට වසර 03ක කාලයක් සඳහා පත් කර ඇත.

රාජ්‍ය ආයතන 34කට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට සහය පළ කිරීමට මෙම කොට්ඨාශය මගින් සිදුකළ යුතු බවද ,අපරාධමය නොවන වත්කම් ඉපැයීම් පිළිබඳව සිවිල් නඩු පැවරීමේ හැකියාව පවතින බවද පනත මගින් නීත්‍යානුකූලව දැනුම් දී තිබේ.එලෙස නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමිව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top