/ Nov 13, 2025

අද කාලගුණයත් වැහිබරයි

පසුගිය දිනවල මෙන්ම අද (21) දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවේ. දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතී.

එය ඉදිරි පැය 24 තුළ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එහි බලපැම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top