/ Oct 25, 2025

පෙරපාසල් ගැන වැදගත් තීන්දුවක්!

දිවයින පුරා පෙරපාසල් සඳහා එකම විෂය නිර්දේශයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22)  පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඈ මේ බව කියා සිටියාය.

පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනව දහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ  නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බවද එහිදී අනාවරණය විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top