දිගින් දිගටම පැමිණෙන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිනියන්ගේ ආරක්‍ෂාව නැතිවීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙන තුරු (21) දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබේ.
මෙලෙස රෝහල වසා දැමීමට සිදුවීමේ හේතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (23) සවස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛා ලේකම් ජගත් දිසානායක මහතා සහ ඩයගම ප්‍රාදේශීය රෝහල් භාර වෛද්‍ය නිලධාරිනි මිනෝෂා වැලිකන්න මහත්මිය කියා සිටියේ වෛද්‍ය නිලධාරිනියන්ගේ හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල වී ඇති පසුබිමක පොලිසිය විසින් ආරක්ෂාව තහවුරු කර දෙන තෙක් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලික වසා දැමීමට කටයුතු කළ බවය.
වැඩිදුර අදහස් දක්වමින් ඔවුන් මෙසේද කීහ.
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක කාර්යාල යටතේ පාලනය වන ඩයගම ප්‍රාදේශීය රෝහලේ දිගු කාලයක් පුරාවට රෝගීන් සමග බීමතින් පැමිණෙන හිතවතුන් හා සහායකයන්ගෙන් බැණ තර්ජනය කිරීම්, මරණීය තර්ජන එල්ල කිරීම් එකින් දිගටම සිදුවී ඇතිි අතර ඒ සෑම අවස්ථාවකදීම වෛද්‍ය නිලධාරිනියන් විසින් පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති නමුත් පොලිසිය ආරක්‍ෂාව සැපයීමට කිසිදු පියවරක් ගෙන නොමැත.
එවන් පසුබිමක ඉකුත් 20 වන දීපවාලි දින රෝගියෙකු සමග පැමිණි බාහිර පුද්ගලයෙකු විසින් නිසි ලෙස ප්‍රතිකාර නොකරන බව පවසා වෛද්‍ය නිලධාරින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන වෛද්‍ය නිලධාරී දෙදෙනාට මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ පිළිබඳ විමසීමක් සිදු කළ රෝහලේ රියදුරුට රෝගියා සමග පැමිණි බාහිර පුද්ගලයා විසින් යකඩයකින් පහර දී තුවාල සිදුකර ඇත.
එදින රාත්‍රියේ වෛද්‍ය නිලධාරිනියන්ගේ නේවාසිකාගාරයට රතිඤ්ඤා දල්වා විසිකර අඩන්තේට්ටම් කිරීමටද මෙම මැරයෝ කටයුතු කර ඇත.
සිදුවීම සම්බන්ධව පොලිසියට පැමිණිලි සිදුකර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා තිබී ඇති අවස්ථාවේදීද පොලිසිය තුළම සිට නැවත වරක් වෛද්‍ය නිලධාරිනියන්ට මරණය තර්ජන එල්ල කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙවන් පසුබිමක ආරක්‍ෂාවක් නොමැති රෝහලක සේවය කිරීමට අපහසු බැවින් නුවරඑළි දිස්ත්‍රික් සයිට් එකේ අධ්‍යක්ෂක කාර්යාලයට දැනුම් දී රෝහල් වෛද්‍ය නිලධාරී හා කාර්ය මණ්ඩලය රෝහලින් ඉවත් වී ඩයගම ප්‍රාදේශීය රෝහල පියවන විට තාවකාලික වසා දමා ඇති බවද ඔහුන් පවසයි ,
වගකිවයුතු බලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා පොලිසියෙන් නුවරඑළි දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සහ ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිනියන් ඉල්ලා සිටින්නේ සිය සේවාවක් සිදුකිරීමට හැකිවන අයුරින් අවශ්‍ය ආරක්‍ෂාව සපයා දෙන ලෙසයි.
- ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය





