/ Jan 24, 2026

වැලිගම සභාපතිගේ ජීවිතයට ගෙවූ මිල හෙළි වේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නමැති අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන වෙඩික්කරු පසුගිය 26 වැනි දා අත්අඩංගුවට පත් විය.

වෙඩි තබා යතුරුපැදියකින් පලා ගිය මෙම වෙඩික්කරු සහ සහායකයා සොයා ගැනීමට සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කර ගැනුණි.

සැකකරු ඇතුළු පිරිස කැකිරාව ප්‍රදේශයේ සැඟවී සිටි අතර රහස් පොලිසිය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් වැටලීමෙන් අනතුරුව කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම අත්අඩංගුවට ගැනීමේදී ප්‍රධාන සැකකරු වෙඩික්කරු පලා ගොස් කැකිරාව සිට කොළඹ පැමිණ සිටියදී අත්අඩංගුවට පත් විය. කොළඹට පැමිණ සහස්පුර නිවාස සංකීර්ණයේ නිවසක් වෙත ගොස් පෙනුම වෙනස් කර ගැනීම සඳහා කොණ්ඩය රැවුල කපා ඇදුම් මාරු කරගෙන තිබිණි.

මෙම පුද්ගලයා තදින් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූවෙකු බව කියන අතර මේ සැඟවී ගන්නා අවස්ථාවේ පවා මත්ද්‍රව්‍ය සොයා ගොස් ඇතැයි වාර්තා වේ.

සැකකරුගේ සිරුරේ ටැටූ කිහිපයක් කොටා තිබු අතර ANURADA යනුවෙන්ද, හිතුමතේ ජීවිතේ, දුව සඳසි සහ බිරිඳගේ බව කියන රූපයක්ද එහි තිබු බව සඳහන්.

මෙම පුද්ගලයාට සොරකම් චෝදනා මත නඩු 5ක්, මංකොල්ල චෝදනා මත නඩු 2ක්, ආයුද ළඟ තබා ගැනීම සහ තවත් නඩු කිහිපයක් ඇති බව පැවසේ.

වෙඩික්කරු මෙම ඝාතනය සිදු කළේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top