/ Nov 13, 2025

රජය අරන් තියන්නෙ මල් වට්ටියක් නෙවෙයි, බෝම්බ වට්ටියක්!

රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් යම් අඩු පාඩු සිදුකරන බවත්, රාජ්‍ය නිලධාරීන්ගේ කායික මානසික මට්ටම ගොඩනැගීමද යුතුකමක් වන බවත් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ

අපි දේශපාලනය කරලා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු, මේ ආණ්ඩුව මීට අවුරුද්දකට පෙර ගත්ත තීන්දුවක ප්‍රතිඵල අපට පේනවා. හැබැයි මදි, අඩු පාඩු කතා කරන්න හුඟක් අය ඉන්නවා. හැබැයි හොඳ දේ කතා කරන්න පිරිස අඩුයි. නමුත් රජය වගකීමක් ලෙස අරගෙන තියන්නෙ මල්වට්ටියක් නෙවෙයි. බෝම්බ වට්ටියක්

මෙම අවස්ථාවට නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top