/ Nov 13, 2025

රටම එකට : දින 3ට 3000ක් අත්අඩංගුවට!

රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 3ක කාලයට පුද්ගලයන් 3000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දිවයින පුරා කළ වැටලීම්වලින් පුද්ගලයන් 3361ක් අත්අඩංගුවට ගෙන ඇත. එයින් 6ක් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන අරඹා ඇති අතර තවත් 72කට රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් 38ක් පුනරුත්ථාපනයට යොමු කර ඇති අතර එකී දින තුන තුළදී හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 91ක් අයිස් කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 185ක් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍යද පොලිස් භාරයට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top