/ Nov 13, 2025

පිලිපීනය සසල කළ කල්මේගි – මරණ 66ක් දක්වා වැඩි වෙයි!

අධික වර්ෂාව හා ගංවතුර සමඟ මධ්‍යම පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරණ අතරින් බොහොමයක් සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් වන අතර ව්‍යසනය හේතුවෙන් 400,000 කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව එරට ජාතික ආපදා ඒජන්සිය නිවේදනය කර තිබේ.

කල්මේගි සුළි කුනාටුව වියට්නාමය දෙසට යනු ඇතැයි කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කරන අතර මෙය පැමිණෙන්නේ, මාසයක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව ඇති වූ ටයිෆූන් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් යටිතල පහසුකම් සහ භෝගවලට විශාල හානියක් සිදුවීමෙන් අනතුරුවය.

පිලිපීනයට සෑම වසරකම සාමාන්‍යයෙන් කුණාටු සහ සුළි සුළං 20 ක් පමණ බලපාන අතර ඒවා මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙන ආපදාවන්ට ලක්වන ප්‍රදේශවලට නිරන්තරයෙන් බලපානු ලබයි.

මේ අතර සහන කටයුතු සඳහා සහාය වීම යොදා තිබූ හමුදා හෙලිකොප්ටර් යානයක් මින්ඩනාඕ දූපතට කඩා වැටීමෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top