රේගු ඉතිහාසයේ දිනක් තුළ ඉපැයූ වැඩිම ආදායම වන රුපියල් බිලියන 27.7ක ආදායමක් පසුගිය 06 වැනිදා වාර්තා වූ බව රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කරයි.
මේ වසරේ අපේක්ෂා කළ රේගු ආදායම දින තුනක් තුළ ඉක්මවිය හැකි බවද ඔහු කියා සිටී. ඒ අනුව වාර්ෂික බදු ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.115ක් වසරේ තව මාස එකහමාරක් පමණ ඉතිරිව තිබියදී ඉක්මවා යනු ඇති.
ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත.
එය පසුගිය වසරට වඩා 20.1%ක වැඩි වීමකි.





