මැදපෙරදිග රටවල සැඟව සිටින තවත් ප්‍රබල මත් ජාවාරම්කරුවන් 7 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාර වීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල පවසයි.
ඔවුන්ගෙන් දුරකතන ඇමැතුම් කිහිපයක් ලැබුණු බව පවසන ඔහු මත් ජාවාරමෙන් ඉවත්ව හොඳ පුරවැසියන් ලෙස සමාජයේ ජීවත්වීමට අවස්ථාවක් ඔවුන් ඉල්ලා සිටින බවද කියා සිටියේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්වීමට කැමති බොහෝ පිරිසක් සිටින බවත් නමුත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නැති බවත් එනිසා තවදුරටත් එම කටයුතුවලම නිරත වී සිටින බවද ඔවුන් දන්වා ඇති බවද පැවසූ ඇමතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනට ඔවුන් කැමැත්ත පළකර ඇති බවද සඳහන් කළේය.





