හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන් එලෙස කැඳවා ඇති බව සඳහන්.
මීට පෙරද මුදල් විශුද්ධිකරණය වැලැක්විම යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත විය.
එහිදී එක් සැකකරුවකු රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී. කෙසේ වෙතත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,බිරිඳ සහ දියණිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සැකකරුවන් අයතා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව එලෙස අත්අඩංගුවට පත්විය.





