/ Nov 13, 2025

ට්‍රම්ප්ගේ කතාවක් ගිය දුරක්. BBC ප්‍රධානීන් දෙදෙනෙකුත් සේවයට සමුදෙයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර නරඹන්නන් නොමග යැවීම සම්බන්ධයෙන් කරන ලද චෝදනා හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් ඉල්ලා අස්වී තිබේ.

එලෙස සංස්කරණය කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2021දී කරන ලද කතාවකි. එම කතාව හරහා 2021 ජනවාරි මාසයේ කැපිටල් හිල් කෝලාහලය පැහැදිලිවම දිරිමත් කරන බවට ඒත්තු ගැන්වී තිබේ.

ටර්නස් පසුගිය වසර තුන තුළ ප්‍රවෘත්ති සහ කාලීන කටයුතු පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර ඉල්ලා අස්වීමේ වෙනසක් ඇති කරනු ඇතැයි එක්සත් රාජධානියේ දේශපාලන නායකයින් බලාපොරොත්තු වූ නමුත් ඔහු ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.

බීබීසී ප්‍රවෘත්ති ප්‍රධානි ඩෙබෝරා ටර්නස්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ ප්‍රවෘත්ති පක්ෂග්‍රාහී සහ ව්‍යාජ ඒවා වීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top