/ Nov 13, 2025

කිරින්දේ කෝටි 400 අයිස් තොගය : ගෙනියන්න BMW එකකුත් ඇවිත්!

තිස්සමහාරාම කිරින්ද අඳගල වෙරළේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් කිලෝ 329ක අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි සැඟවී සිටින මෙරට ප්‍රධාන මත් ජාවාරමෙකු බව කියන රන් මල්ලී නමැත්තාට අයත් බව පොලිසිය අනාවරණය කරගෙන ඇති බව කියති.

ගැඹුරු මුහුදේ සිට බහුදින යාත්‍රාවකින් ගෙනැවිත් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට වාහන 7ක් පැමිණ තිබේ. ඒ අතර සුඛෝපභෝගී බීඑම්ඩබ්ලිව් වර්ගයේ රථයක්ද ඇතුළත්ව ඇත. කිලෝ 50 ඇසුරුම් ලෙස මේවා පිළියෙල කර තිබුණු බව සඳහන් වේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top