/ Nov 14, 2025

එකම එකවුන්ට් එකෙන් සිංහල, මුස්ලිම් අන්තවාදයට පඩි ගෙවපු රටක යළි ඒවට ඉඩක් නැහැ – ජනපති

මුස්ලිම් අන්තවදයත් සිංහල අන්තවාදයටත් එකම ගිණුමකින් පඩි ගෙවපු ඉතිහාසය මේ වන විට හෙළිදරව් වී තිබෙන බව ජනාධිපති අනුර කුඅම්ර දිසානායක ඊයේ (13) 36 වෙනි ඉල්මහ විරු සමරුව අමතමින් ප්‍රකාශ කළේය.

පසුගිය දිනක හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමඟ කළ සාකච්ජාවකදී ඒ බව අනාවරණය වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජාතිවාදයෙන් ජනතා ප්‍රශ්න යට ගැසූ සමය අවසන් බවත් යළි ජාතිවාදයට ඉඩක් නොමැති බවත් එකට රට ගොඩනගන බවත් හෙතෙම කියාසිටියේය.

”අපි දන්නව් අපේ රටේ ජාතික සමඟිය විනාශ වෙච්ච ඉතිහාසයක් තිබුණා. කොතනක හෝ සමාජ අර්බුදයක් එනකොට ජනතාවට ගැටළුවක් එනකොට එක්කෝ පල්ලියට ගහනවා. මම මේ ළඟදී හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් මුණගැහුනා වෙලාවේ ඔවුන් එක්ක සාකච්ජා කළා. ඉතාම පැහැදිලියි එකම එකවුන්ට් එකෙන් මුස්ලිම් අන්තවාදයටත් පඩි දීලා තියෙනවා සිංහල අන්තවාදයටත් පඩි දීලා තියෙනවා. මහජනයාගේ බදු මුදල්වලින්. මතක තබා ගන්න. හෙළිදරව් වෙලා තිබෙනවා. සිංහල අන්තවාදයට කියනවා උඹලා මුස්ලිම් අයට විරුද්ධව කෑගහපල්ලා මෙනන සල්ලි. අනික් පැත්තෙන් මුස්ලිම් අන්තවාදීන් තෝරාගෙන කියනවා උඹලා සිංහල අයට විරුද්ධව කගපල්ලා මෙන්න පඩි. ඔවුන් හැමවෙලාවෙම ජාතිවාදය උපයෝගිකරගත්තා ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්. හැමකෙනාගේම තමාගේ ජාතිකත්වය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව බැඳීමක් තියෙනවා. ඒ බැඳීම අවුස්සනවා. ඒ බැඳීම ගිනිතියනවා. ගිනිතියල අවුස්සලා සියලු ප්‍රශ්න යටගහනවා. හැබැයි අපි කියන්න කැමතියි අපි ආණ්ඩුව අරගෙන කිසිදු තැනක ජාතිවාදී ප්‍රවණතාවක් හෝ ජාතිවාදී ගැටුමක් ඇති නොවුණු කාලය තමයි අපේ ආණ්ඩුව අත්පත් කරගත්තු කාලය. ඒක තමයි සමාජ සාධනය. අපි හැමවිටම කියනවා ජාතිවාදයට අපේ රටේ කිසිසේත්ම නැවත් ඉඩක් දෙන්නේ නෑ. මතක තියාගන්න මේ රට එකට ගොඩනගන රටක් බවට පත්කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top