ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සියලුම වෛද්‍යවරුන්ට රෝගීන්ට ලබා දෙන බෙහෙත් වට්ටෝරු වලදී පැහැදිලි අත් අකුරු භාවිතා කරන ලෙස දැඩිව දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සියලුම වෛද්‍යවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, මෙම මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීමට අපොහොසත් වීම වෘත්තීයමය දුරාචාරයක් (Professional Misconduct) ලෙස සලකනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවයි.
නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
සියලුම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි පුද්ගලයින් වෙත දැන්වීම
Prescription ලිවීම සම්බන්ධව
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (SLMC) සාමාන්‍ය ජනතාවගෙන්ද, ඖෂධවේදීන්ගෙන්ද බොහෝ පැමිණිලි ලැබී ඇත. ඒ සියල්ලම සමහර වෛද්‍යවරුන් විසින් ලියන ලද අසත්‍ය ලෙස හා කියවිය නොහැකි ලෙස ලියන ලද බෙහෙත් තුන්ඩු (illegible prescriptions) පිළිබඳවය.
මෙවන් බෙහෙත් තුන්ඩු මගින් රෝගීන්ටත් ඖෂධවේදීන්ටත් ඒවා හදුනා ගැනීම සහ අවබෝධ කරගැනීම දුෂ්කර වී ඇති අතර, නිවැරදි ඖෂධ ලබා ගැනීමේදී බාධා ඇතිවී රෝගියාගේ ආරක්ෂාවටද අවදානමක් ඇති කර ඇත.
මෙම තත්ත්වය හේතුකොටගෙන, සියලු වෛද්‍යවරුන්ට දැනුම් දෙනුයේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශිත “Guidelines on Ethical Conduct for Medical and Dental Practitioners registered with the SLMC” යන නියමාවලියේ “Prescription Writing and Rational Prescribing” නමින් ඇති පරිච්ඡේදයේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවයි.
මෙම උපදෙස් අනුව නොපිළිපැදීම, වෘත්තීය වරදක් (professional misconduct) ලෙස සැලකේ. එමඟින් Medical Disciplinary (Procedure) Regulations 1990 යටතේ විනයාත්මක ක්‍රියාමාර්ග ගැනීමට හැකි වේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝගයක් අනුව,
වෛද්‍ය එච්.ඩී.බී. හේරත්
ලේඛකාධිකාරී,
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව




