/ Nov 15, 2025

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර නව ආරක්ෂක ගිවිසුමක්!

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගෙන් ප්‍රධානත්වයෙන් එම ආරක්ෂක ගිවිසුම අත්සන් කර තිබෙන අතර ඇමරිකාව වෙනුවෙන් මෙරට ඇමරිකා තානාපති ජූලි චන්ග් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල්වරයා ගිවිසුමට අත්සන් තබා ඇත.

ශ්‍රි ලංකාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අත්සන් තැබීය.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරන බව සඳහන්.

එහිදී, සභාව ඇමතු නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර ප්‍රකාශ කළේ, මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ මිත්‍රත්වය, සහයෝගීතාවය සහ ත්‍යාගශීලීභාවය ගැඹුරින් අගය කරන අතර, ශ්‍රී ලංකාව මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්‍ෂා කරන බව ද එහිදී ඔහු ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top