/ Nov 15, 2025

රටම එකට මෙහෙයුමෙන් තවත් 1056ක් අත්අඩංගුවට!

ඊයේ (14) දිනයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් සැකකරුවන් 1056 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි.

වැටලීම් 1065ක් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 1056 දෙනා අතුරින් 39 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන්.

53 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබේ.

ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 173ක් ,ගංජා කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 109ක් හා මාවා කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 44ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ගංජා පැල 52,165ක් සොයා ගත් බවත් හෙරොයින් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top