ගම්පොල,මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී වයස අවුරුදු 16ක දැරියක් ඝාතනය කළ පෙම්වතා යැයි සැලකෙන පුද්ගලයා සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වෙයි.
පොලිසිය පැවසුවේ ප්‍රේම සබදතාවයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත මෙය දැරිය ඝාතනය කර ඇති අතර අදාළ පුද්ගලයාගේ මළ සිරුරද අසල පිහිටි තේ වත්තක තිබී සොයාගෙන ඇති බවයි.
.
එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන 28 හැවිරිදි පුද්ගලයකි.




