/ Nov 17, 2025

වැටුප් වැඩි කිරීමට එරෙහි වුණැයි කම්කරුවෝ නාමල්ගේ පඹයෙකුට ගිනි තබති

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරීමට රජය ගත් තීන්දුවට ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් විරුද්ධ වීමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගරවල කම්කරුවෝ ඊයේ (16) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ඔවුන් කියා සිටියේ කිසිදු දිනයක උද්ඝෝෂණ සහ වැඩවර්ජනවලින් තමන් වැටුප් වැඩි කර නොගත් බවත් ඉතිහාසයේ පළමු වතාවට එසේ කිසිවක් නොකර එකවර රුපියල් 400 ක වැටුප් වැඩිවීමක් වත්මන් ජනපති සහ රජය ලබා දුන් බවත් ය.

මෙයට එරෙහි වූ විපක්ෂ දේශපාලකයන්ට ඔවුහු දැඩි විරෝධය පළ කළ අතර බගවන්තලාව නගර මධ්‍යයේ මිනීපෙට්ටියක්ද රැගෙන විරෝධතා දැක්වූහ. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පඹයෙකු නගර මධ්‍යයේ තබා ගිනි තබනු ලැබීය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top