/ Jan 23, 2026

GMOA වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද සිට!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන අතර ඒ අනුව, රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේක කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඊට අයත්.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ 2026 අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹ තිබේ.

අයවැය ඉදිරිපත් කිරීමට පෙර සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෛද්‍යවරු මුහුණ දෙන සුවිශේෂී ගැටළු සම්බන්ධයෙන් රජය ලිඛිතව දැනුවත් කර තිබුණද ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් නොදීම මත අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු නිසිලෙස ආවරණය වී නොමැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top