අද (17) දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට තීරණය කර තිබේ.
එම සාකච්ජාවේදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණ ගැනීමට නියමිත බවයි එම සංගමය පවසන්නේ.
ජනාධිපතිවරයා සමග අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවත් එම යෝජනා සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් එම යෝජනා සම්බන්ධව සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කරන බව පැවසූ බවත්ය.
“අපි ජනාධිපතිතුමාව දැනුවත් කළා. එතුමා පොරොන්දු වුණා මේ අයවැය යෝජනාවලිය පාදක කරගෙන සෞඛ්‍ය පද්ධතිය හෙට දවසට පවත්වාගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ඒ සිදුකරන ලද යෝජනාවලියේදී විශේෂයෙන්ම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු රට තුළ රඳවා ගන්න අපි විශේෂයෙන්ම ඉල්ලීම් කරලා තියෙනවා. ඉතිං මේ යෝජනා සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා කරන්නත් ඒ සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරන බවටත් එතුමා පොරොන්දු වුණා..
ඒ අනුව අද දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට නියමිතය.





