/ Nov 18, 2025

කාලගුණය අයහපත් : නායයෑමේ අනතුරු ඇඟවීම් එයි!

දිවයින ආශ්‍රිතව අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා කාලගුණය අයහපත් වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ බොහෝ පෙදෙස්වල අහස වළාකුලින් බරව තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටේ.

සෙසු පෙදෙස්වල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.

ඒ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිමි 100ක පමණ තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ අනාවැකිය කියයි.

ඒ අතර,

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (17) ප.ව. 7:00 සිට අද (18) ප.ව. 7:00 දක්වා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
අරණායක

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
බණ්ඩාරවෙල
හපුතලේ

කළුතර දිස්ත්‍රික්කය:
වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:
ගඟවට කෝරළය
උඩුනුවර
උඩපලාත
තුම්පනේ
පාතහේවාහැට
උඩුදුම්බර
ගඟ ඉහළ කෝරළය
පස්බාගෙ කෝරළය
යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
රඹුක්කන
මාවනැල්ල
දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම
මල්ලවපිටිය

මොනරාගල දිස්ත්‍රික්කය:
බිබළ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
හගුරන්කෙත
වලපනේ
නෝර්වුඩ්
කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
කිරිඇල්ල
බලන්ගොඩ
කලවාන
කොලොන්න
රත්නපුර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top