අනුරාධපුර වනජීවී කලාපයේ විහාරකලංචිය, විහාරපාලුගම ප්‍රදේශයේ නිවසක් හා දේවාලයක් වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත (FFPO) යටතේ තහනම් සතුන් ගණනාවකගේ මස් හමුවී තිබිණ. ඔහු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි භාරකාර ප්‍රධාන කපුවා බවද හෙළිදරව් වී තිබේ.
ගෝනමස් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 800 ක්,
ගල් ඉබිමස් ග්‍රෑම් 600 ක්,
කබැල්ලෑ මස් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 940 ක්,
මුවමස් ග්‍රෑම් 600 ක්,
ඉබි බිත්තර 14 ක් සහ
ජීවී ගල් ඉබ්බන් 6 දෙනකු
සමඟ ඇත්දළ අත් පළඳනාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
මෙම වැටලීමට වනසත්ව අඩවි ආරක්ෂකවරුන් වන ඩී. රාමසිංහ, බී.කේ.ටී පෙරේරා, නලීන් ජයසූරිය වනසත්ව අඩවි සහකාරවරුන් වන එස්.කේ වික්‍රමරත්න, එස්.එම්.එස් අධිකාරි, ඩබ්. එන්. ඒ. බී විජේසිංහ සහ වනසත්ව නියාමක එස්.එම්.එස්.කේ සෙනෙවිරත්න යන නිලධාරීන් සම්බන්ධ වූහ.





