පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළහොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බවත්, රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවත් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ පවසයි.
රජය ගෙන ඇති තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.
විශ්‍රාම වැටුපෙන් පමණක් ජීවත් වන මන්ත්‍රීවරුන් බහුතරයක් ඇති බවත්, බේත් හේත් ගැනීමට පවා නොහැකිව ඔවුන් අසරණව ඇති බවත් පවසන ලේකම්වරයා මියගිය මන්ත්‍රීවරුන්ගේ වැන්දඹු බිරියන්ද මෙයින් අසරණ වන බව කියා සිටී. කෙසේ වෙතත් විශ්‍රාමික මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් රජය වෛරීව කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේ ය.





