ඖෂධ වර්ග 350ක් මිල පාලනයක් සහ නියාමනයක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
ඒ අනුව අදාළ ඖෂධවල මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන අතර ඉදිරියේදී ලියාපදිංචි කරන ඖෂධවලද මිල පහත යන බවයි විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබුණේ.
මෙම මිල නියාමනය හරහා අසාධාරණ ලාභ ඉපයීම මැඩපැවැත්වීම හා අත්තනෝමතික මිල ඉහළ දැමීම් වැලැක්වීම බලාපොරොත්තු වෙයි.





