ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මහා ජන හඬ රැලි මාලාවේ දෙවැනි රැලිය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල පවසයි.
නුගේගොඩ පැවැති රැළියට සහභාගි වූ ජනතාවට ස්තුතිය පළ කිරීමට ඊයේ (24) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටියේය.
ආණ්ඩුව ගෙන යන දූෂණය, භීෂණය, බොරුවට එරෙහිව මෙම ජන රැලි රට පුරා පවත්වන බවයි ඔහු කියා සිටියේ.





