එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව ගෝඨා ගෝ හෝම් විරෝධය ආරම්භ කළේ සමඟි ජන බලවේගය වන අතර අනුර කුමාර දිසානායකට එරෙහිවද විරෝධය කඩිනමින් ගෙන එන අතර ගෝඨාභයට පෙර අනුරට ගෙදර යාමට සිදුවනු ඇතැයි සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.
දැනටමත් එම විරෝධය විවිධ ආකාරයට ආරම්භ කර තිබන බවයි ඔහු සඳහන් කළේ.
එදත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්න කොළඹට 70,000ක් ජනතාව ගෙන ආ බව මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කියාසිටියේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (25) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.





