/ Dec 06, 2025

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සජිත්ගේ බලවත් අප්‍රසාදය!

ප්‍රශස්ත ප්‍රතිපත්තියමය වෙනසක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය නොකර තමන්ට හිතු මතේට අවිධිමත් ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ගැන බලවත් අප්‍රසාදය රජයට ප්‍රකාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධ්‍යාපනය නිදහස් නිවහල් වීම ආරම්භ විය යුත්තේ පෙරපාසල් අධ්‍යාපනයෙන් සහ මුල් ළමා විය අධ්‍යාපනයෙන් වුවත් පෙරපාසල් අධ්‍යාපනය ගැන විධිමත් ප්‍රශ්නයක් රජයට යොමු කළත් අද ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට රජයට නොහැකි වීම ගැන කණගාටුවට පත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

මින් පෙනී යන්නේ අද ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රියාවලිය ඛේදවාචකයක් බවත් එනම් ක්‍රමවත් සැලසුමක් නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නිර්මාණය කර ඇති බව හෙතෙම කියාසිටියේය.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී පැවැති අධ්‍යාපනය වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top