දේශීය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩි මිලකට අලෙවි කිරීම නිසා රත්නපුර නගරයේ ප්‍රකට සුපිරි වෙළඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර ඇත.
රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළඳ සැලට දඩ නියම කර ඇත්තේ ඔවුන් විසින් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.
ඒ අතර තවත් රත්නපුර නගරයේම පිහිටි තොග වෙළඳසැලකට දඩ නියම කර ඇත්තේ කීරි සම්බා වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙනුයි. එම දඩය රුපියල් ලක්ෂ 2කි.





