නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ඇමරිකන් ඩොලර් මිලියන 160ක ආයෝජනයක් වෙනුවෙන් ජපන් ආයෝජකයෙකු වෙත බදු දීමට කටයුතු කරන බව සැලවේ.
පවතින තත්වය යටතේම මෙය බදු දීමට සැලසුම් කර ඇති අතර ආයෝජකයාගේ සැලැස්ම වී ඇත්තේ වෙළෙඳසැල් සහ රාත්‍රී වෙළෙඳපොල නවීකරණය කිරීමයි.
වත්මන් හිමිකරුවන් වෙත වන්දි ගෙවීමේ සැලැස්මක් සාකච්ඡා වෙමින් ඇති අතර හිටපු නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක සිය කාලය තුළ මෙම ආයෝජකයා හමුව ඇතැයි පැවසේ.
මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය මුලින්ම මහින්ද රාජපක්ෂ රජය විසින් 2014 වසරේදී රුපියල් මිලියන 344 ක වියදමින් ඉදිකරන ලද්දකි. අක්කර හයක භූමි ප්‍රමාණයකින් යුත් මෙම සංකීර්ණයේ වෙළෙඳසැල් 92 ක් ඇති අතර, එයට විශාල ආපනශාලා දෙකක්ද ඇතුළත්ය. වෙළෙඳසැල් 10 ක් බේරේ වැව මත පිහිටා ඇත.





