පවතින් අධික වර්ෂාව නිසා පස් කඳු කඩා වැටීම් හේතුවෙන් බදුල්ල මඩොල්සිම, ගලඋඩ සහ කහටරුප්ප යන පෙදෙස්වලදී පුද්ගලයන් 11ක් අතුරුදන් වී ඇති බවත් දෙදෙනෙක් මරුමුවට පත්ව ඇති බවත් වාර්තා වේ.
මොනරාගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී තිබේ. මාර්ගයේ ගමන් කළ බස් රථයක් ජල පහරකට හසුවේ. මගීන් 23 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වේ.





