පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් මේ වන විට මරණ 40ක් වාර්තා වී තිබෙන අතර තවත් 21 අතුරුදහන් බව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 20ක් වන අතර පවුල් 1729ක පුද්ගලයින් 5893ක් ආපදාවට පත්ව සිටිති.
සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක අතර පවුල් 148ක් එම ස්ථානවල සිටින බවයි අපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසන්නේ.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 03ක් සම්පූර්ණයෙන් හානි වී තිබන අතර අර්ධ හානි 431ක් වාර්තා වී තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 137ක් ඥාති නිවෙස්වලද රැඳී සිටිති.
ගල් ඔය ද්‍රෝණිය, මහවැලි ගඟ ද්‍රෝණිය, කුඹුක්කන් ඔය ද්‍රෝණිය, දැදුරු ඔය ද්‍රෝණිය, මහඔය ද්‍රෝණිය,මල්වතු ඔය ද්‍රෝණිය යන ද්‍රෝණි සඳහා රතු නිවේදන නිකුත් අකර තිබෙන අතර වර්ෂාවේ වැඩි වීමත් සමඟ ගංවතුර අවදානම ගැන ජනතාව දැනුවත් කර තිබේ.
ඒ අනුව අද (27) පස්වරු 06.00 වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙන සවිස්තරාත්මක තත්ත්ව වාර්තාව පහත දැක්වෙයි.





