/ Dec 06, 2025

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි!

රට පුරා බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවාය.

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුරෙන්, පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

උසස් පෙළ විභාගය දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් මතුව තිබෙන ආපදා තත්ත්වය මත ඉදිරි දින කිහිපයේ පැවැත්වීමට තිබූ විභාගය මෙලෙස කල් දමා තිබෙන අතර පාසල් නිවාඩුවද දෙසැම්බර් 16 දක්වා කල් දමා ඇත.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු දිස්ත්‍රික්ක 14ක, මධ්‍යස්ථාන 15කදී දැනටමත් ආරම්භ කර ඇති නමුත් එම ඇගයීම් කටයුතු ද මෙම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තාවකාලිකව නතර කර දමා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 29, 30 යන දින දෙකෙහි පැවැත්වීමට නියමිතව තිබූ බඳවා ගැනීම් විභාග සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව එම විභාගයන් සම්බන්ධයෙන් පවැත්වෙන දින පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top