පවතින ආපදා තත්ත්වය හමුවේ මරණ 123ක් වාර්තා වී ඇති අතර තවත් 130ක් අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මරණ 51ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර අතුරුදහන් ගණන 67ක් ලෙස දැක්වෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මරණ ගණන 35කි. තවත් 27ක් අතුරුදහන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
ආපදාවට ලක්ව සිටින පවුල් ගණන 102,877ක් ලෙස දැක්වෙයි.
දිවයින පුරා සුරැකුම් මධ්‍යස්ථාන 488ක් පවත්වාගෙන යනු ලබයි.




