/ Dec 06, 2025

දිට්වා කුණාටුවේ අලුත්ම තත්ත්වය මෙන්න!

දිට්වා සුළි කුණාටුව යාපනය සිට නැගෙනහිර දෙසින් කේන්ද්‍රගතව පවතින අතර මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පළකර ඇත. ඇතැම් ස්ථානවලට මි.මි. 100 වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සුළගේ වේගයද පැ.කි.මි. 80 – 90 දක්වා ප්‍රහාරාත්මක විය හැකි බව දක්වා ඇත.

තද වැසි සහ තද සුළං මඟින් ඇති විය හැකි අනතුරු අවම කරගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් ඉවත්වන ලෙසද උපදෙස් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top