දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
තවත් පුද්ගලයින් 228 දෙනෙකු අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති අතර සුරක්ෂා මධ්‍යස්ථාන 1094ක් පවත්වාගෙන යනු ලබයි.
මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ මරණ 71කි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී ඇත.
ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 105ක් අතුරුදහන් වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් 53, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 27ක්,කෑගල්ල 24,මාතලේ 10,නුවරඑළිය 4,මොණරාගල,කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් එක් අයෙක් ලෙස අතුරුදහන්ව පවතියි.





