/ Dec 06, 2025

මාවිල් ආරු වැව් බැම්ම බිඳී යාම:දහසක් දෙනා මුදාගැනීමේ කඩිනම් මෙහෙයුමක්!

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් සිරවූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.

අදාළ පාර්ශව සමඟ සාකච්ජා අක්රමින් මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් වල සිටින පිරිස් සමඟ සම්බන්ධීකරණයකින් එම කටයුතු සිදුවෙමින් පවතියි.

මේ වනවිටත් ගුවන් මෙහෙයුම් මඟින් පුද්ගලයින් 121 දෙනෙකුගේ ජීවිත බෙර ගෙන තිබෙන අතර තංගවේලී නම් ගම්මානයේ සිටින 1,000ක පමණ පිරිසක් බේරාගැනීමට සිදුව තිබේ.

කෙසේවෙතත් මූතූර් සහ නීලපොළ යන ප්‍රදේශවල ජනතාව ඊයේ (29) රාත්‍රීයේම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

කින්යා නගරය මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති අතර, ඇතැම් පිරිස් ගස් උඩ රැඳී සිටිමින් ජීවිත බේරාගන්නා බවත් ඔවුන්ව මුදා ගැනීමට නාවික හමුදාව මෙහෙයුමක් දියත් කර ඇති බවත් සඳහන්.

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යෑමෙන් සෝමපුර, සිරිමංගලපුර, කල්යාර්, දෙහිවත්ත යන ප්‍රදේශවලට බලපෑම් එල්ල වන අතර, එම ප්‍රදේශවල ජනතාව මේ වනවිට සේරුනුවර නවෝද්‍යා පාසලට ගුවනින් රැගෙන යෑමට කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව සේරුවාවිල රජමහා විහාරයේ ආරක්ෂිත ස්ථානයක් වෙත ආපදාවට ලක්වූ පිරිස තාවකාලිකව රැඳවීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top