ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණු අතර මේ වනවිට ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට හැකිව ඇත.
එම පිරිස් ගල්කන්ද විහාරස්ථාන පරිශ්‍රය වෙත යොමු කර තිබේ.
එමෙන්ම නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක් මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සූදානම්ව තබා තිබෙන අතර මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතියි.
මේ අතර මාවිල්ආරු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල රැදී සිටී පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබේ.
මාවිල්ආරු වැව් බැම්ම බිදී යාමෙන් සිරවු ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ඊයේ (30) පෙරවරුවේ සිටම ක්‍රියාත්මක කෙරිණි.









