/ Dec 06, 2025

ධීවර සහ නාවික කටයුතු යළි යථාතත්ත්වයට – අනතුරු ඇඟවීම් ඉවත් කරයි!

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික හමුදා කටයුතුවල යෙදීම වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කර තිබේ.

ගැඹුරු පීඩන අවපාතය කන්කසන්තුරය සිට කි.මී 320ක් ඊශාන දෙසින් උතුරු අක්ෂාංශ 12.5 සහ නැගෙනහිර දේශාංශ 80.5 ආසන්නයේ කේන්ද්‍රගත වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top