ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,
“ආපදා තත්ත්වය නිසා විපතට පත්වෙලා තියෙන ජනතාවට අවශ්‍ය කරන සහනය කඩිනමින් සලස්වාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කරලා තිබුණා. අවශ්‍ය කරන ප්‍රතිපාදන සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඒ අනුව මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවට කඩිනමින් තම තමන්ගේ නිවාස වෙත ගිහිල්ලා අවශ්‍ය කරන පිළිසකර කිරීමේ කාර්ය හැකි විදිහට ආරම්භ කරවා ගැනීම සඳහා මුලින් ඉල්ලා සිටි රුපියල් 10,000ක මුදල වෙනුවට රුපියල් 25,000ක් මුදලක් දෙන්න මුදල් මුදල් අමාත්‍යාංශය විසින් අපි අනුමැතිය දුන්නා. සමස්ථ මුදල රුපියල් මිලියන හත්දහස් පන්සීයක් කඩිනමින් ලබාදෙන්න කියලා. ඒ වගේම මේ දක්වා ආපදාවකට පත්වෙලා ඉන්න පවුලකට අපි ගෙවන්න සූදානම් වෙලා හිටියේ රුපියල් 3,600ක මුදලක් පවුලේ සාමාජිකයින් අනුව. එම මුදල මේ වෙනකොට රුපියල් 10,500 දක්වා එක පවුලකට ගෙව ඒ මුදල් ප්‍රමාණයක් වැඩිකරලා තියෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.





