/ Dec 06, 2025

අසල්වැසියාගේ අමිල සහය – තවත් වෛද්‍යාධාර තොගයක් මෙරටට! (PHOTOS)

මුදා ගැනීමේ සහ සහන කටයුතු වෙනුවෙන් ඉන්දියාවෙන් හදිසි වෛද්‍යාධාර තොගයක්!

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C -17A ගුවන් යානයක් ඊයේ (02) පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම වෛද්‍යාධාර තොගයට අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා අවශ්‍ය ක්ෂේත්‍රමය පහසුකම් රැසක් ලැබී ඇති බවයි.

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම වෛද්‍යාධාර තොගය නිල වශයෙන් භාර දෙන ලද අතර යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ටිරාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් එය භාර ගනු ලැබීය.

හදිසි අවස්ථාවන්හි කඩිනමින් භාවිත කිරීම සඳහා නිර්මාණය කර ඇති අංගසම්පූර්ණ ක්ෂේත්‍ර රෝහල් ඒකක දෙකක්ද මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ. මෙම ඒකකවලින් එකක් වැලිමඩ ප්‍රදේශයෙහි ස්ථාපිත කිරීමට නියමිතයි.

මීට අමතරවල ආපදාවට පත් ජනතාව සඳහා වෛද්‍ය සහාය ලබා දීමට ඉන්දියාවෙන් වෛද්‍යවරුන්,සර්වාංග සහ කායික රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයින් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 73 දෙනෙකු මෙරටට පිටත් කර එවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top